
ආන්දෝලනයට තුඩුදුන් පැනමා පත්‍රිකා මගින් ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකුගේ නම්,ඔවුන්ගේ ලිපින සහ එකී සමාගම් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
මෙම ලැයිස්තුවේ තැරැව්කරුවන්ගේ මෙන්ම ගෑස් සමාගම්වලද නම් ඇතුළත්ය.
එම නම් ලැයිස්තුවට පහත link එක හරහා පිවිසිය හැකිය.
https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1&e=&j=&q=&utf8
මොසැක් ෆොන්සේකා සමාගම ලෝකය පුරා සිය කාර්යාල 40ක් පවත්වා ගෙන යන අතර චීනයේ කාර්යාල 09ක් පමණ ඇත.
ලතින් ඇමරිකාවේ ද ඇමරිකා එක්සත් ජනපදයේ ද යුරෝපයේ ද ස්විට්සර්ලන්තයේ ද තව කාර්යාල ගණනාවක් වන අතර මෙම සමාගම බදු පැහැර හැරීම සඳහා ධනකුවේරයන්ට උපකාර කරන ආයතනයක් වශයෙන් දීර්ඝ කාලයක් ප‍්‍රචලිත ව පැවතිණ.
මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීම නැතිනම් ඒ ඒ රටවල ඇති අයථා ලෙස රැස් කර ගත් මුදල් හොර රහසේ පිට රටවලට ගෙන්වා ගැනීමේ රහසිගත වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම මොසැක් ෆොන්සේකා සමාගම විසින් සිදුකෙරන බව කියැවෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ කතා බහ එළියට එන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් මෙම තොරතුරු ලොවට හෙළිදරව් කිරීමත් සමගය.

















































