
බේරුවල හා මග්ගෝන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියක බස් රථයක් ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බස් රථයේ සිටි මගීන් 30 දෙනෙකු පමණ නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
බේරුවලත් මග්ගෝනත් අතර මාගල්කන්ද රොක්ලන්ඩ් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.
මහනුවර අලදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.
ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමකගේ ඥාතියෙකුගේ ගාල්ලේ මළ ගෙදරකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
ඒ අනුව බස් රථ දෙකකින් මළ ගෙදරට ගිය පිරිසක් නැවත පැමිණෙමින් සිටියදී ඔවුන්ගේ එක් බස් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇත.
මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අනතුරින් තුවාල ලැබු 23 දෙනෙකු මේවන විට ප්‍රතිකාර ලබන බවයි.










































