header logo
Vallibel FD
උණුසුම් පුවත්
දේශීය නිෂ්පාදනවලින් හලාල් හැලේ - විදේශීය නිෂ්පාදනවලට නොමිලේ!
Mar 11, 201310:05 AM
දේශීය නිෂ්පාදනවලින් හලාල් හැලේ - විදේශීය නිෂ්පාදනවලට නොමිලේ!
Mobitel 1278

දේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය මින් ඉදිරියට නිකුත් නොකරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

එසේම විදේශීය ගැණුම්කරුවන් ඉල්ලා සිටියහොත් පමණක් එම භාණ්ඩ සඳහා හලාල් සහතිකය නිකුත් කිරීමට සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධාන පියවර ගනු ඇති බව එම මණ්ඩලය කියයි.

ඒ සඳහා අදාළ සහතිකය සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානයෙන් නොමිලේ ලබාගත හැකිය.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට හලාල් සහතිකය නිකුත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ රටපුරා විරෝධතා ද ක්‍රියාත්මක විණි.

මේ අතර හලාල් සහතිකය භාණ්ඩවල ප්‍රදර්ශනය කීරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, සංඝ රත්නය හා සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ දී පවත්වන ලදී.

ඒ අනුව හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් පැවැත්වූ සාකච්ඡාවලින් පසු පහත දැක්වෙන කාරණා 7ක් යටතේ එකඟතාවට පැමිණ තිබේ.

01 - සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළඳ භාණ්ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ. මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ.

02 - අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදාහැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක් බවට පත්වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයින් අසීරුතාවයට පත්විය හැක.

03 - වෙළඳසැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්ඩය හලාල් ලාංඡනය සහිතව හා රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.

04 - ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදුනොවේ. නමුත් අපනයනය වැනි වෙළඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර සමස්ත ලංකා ජම්මියතුල් උලමා (ACJU) සංවිධානය මගින් එය නොමිලේ සිදුකරනු ඇත.

05 - විදේශ සංචාරකයින් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළඳසැල් තුළ අලෙවි වන භාණ්ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.

06 - සියලූම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැලකිය යුතු ප්‍රමාණවලින් ඇති බැවින් එම තොග සම්පූර්ණයෙන්ම වෙළඳපොළෙන් ඉවත්වීමට සැලකිය යුතු කාලයක් වැයවේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වන තුරු, හලාල් ලාංඡනය සහිත භාණ්ඩ වෙළඳපොළේ අලෙවියට තිබෙනු ඇත.

07 - හලාල් ලාංඡනය රහිත භාණ්ඩ වෙළඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා සියලූම නිෂ්පාදන ආයතන තම ඇසුරුම්වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.

සියලූම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සැපිරෙන පරිදි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීමටත්, එම භාණ්ඩ රජය මගින් පනවා ඇති සියලූම නීති රීතිවලට අනුකූලවත්, ඉතාමත් උසස් ප්‍රමිතීන්ට අනූව, සෞඛ්‍යාරක්ෂිතව නිපදවීමට අප සියලූම සාමාජිකයින් ඇප කැප වී සිටින බවද දන්වා සිටිමු.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට