
ඉරානය තුළ බුද්ධ ප්රතිමා ප්රදර්ශනය හා අලෙවිය මෙන්ම ප්‍රචලිත කිරීමද තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඉරානය තුළ බුදුදහම ප්‍රචලිත වීම වැළැක්වීම මෙහි අරමුණ බව විදේශීය මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇත.
එරටට බුද්ධ ප‍්‍රතිමා බහුල වශයෙන් චීනයෙන් අපනයනය කෙරෙන අතර ඉරාන වැසියන් ඒවා නිවසේ මෙන්ම මෝටර් රථවල තබා ගැනීමට පෙළඹී ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
එසේම බුදුදහම පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති පිරිස් ඒවා නිවසේ අලංකාරය සඳහා මිලදී ගැනීමට පෙළඹී ඇත.
ඒ අනුව මෙය ඉරාන සංස්කෘතිය ආක‍්‍රමණයේ සංකේතයක් ලෙස හඳුන්වන බව ද එම වාර්තාවල සඳහන්ය.
මේ යටතේ ඉරනායේ ටෙහෙරාන් නගරය ආශ්‍ර්‍රිත වෙළඳසැල්වල විකිණීමට තිබූ බුද්ධ ප‍්‍රතිමා රාජසන්තක කිරීමටද තිරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ බහුතර ජනතාව ඉස්ලාමීය ආගම අදහන අය වේ.
ඒ අනුව ඉරානයේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් එරට බලධාරීන් මෙම තීරණයට එළඹ තිබේ.
කෙසේ වුවද ඓතිහාසික වශයෙන් ගත් කළ ඉරානය සැලකෙන්නේ බුදු දහම ව්‍යාප්ත වූ රටක් ලෙසටය.

















































