header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්දීය න්‍යෂ්ඨික බලාගාරයෙන් ලාංකිකයින් ලක්ෂ 15ක් අනතුරේ
Oct 22, 201201:22 PM
ඉන්දීය න්‍යෂ්ඨික බලාගාරයෙන් ලාංකිකයින් ලක්ෂ 15ක් අනතුරේ
Mobitel 1278

ඉන්දියාවේ කූඩන්කුලම් හි ඉදිකරනු ලබන න්‍යෂ්ඨික බලාගාරය හේතුවෙන් උතුරු පළාතද ඇතුළුව ලංකාවේ ලක්ෂ 15ක පමණ ජනතාවගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ආණ්ඩුව දැන් සූදානම් වන්නේ න්‍යෂ්ඨීක අනතුරක් සිදු වුණොත් වන්දි ලබා ගැනීමේ ගිවිසුමකට එකඟවීමට බවත් බලාගාරයේ පිපිරීමක් සිදුවුණොත් මිලියන ගණනක් ජනතාව මියයන බවත් ඔහු පෙන්වාදෙයි.

පුබුදු ජයගොඩ මහතා අද (22) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අතර එය පහත පරිදිය.

රුසියාව භාවිතා කරන පැරණි තාක්ෂණයත්, නවීන තාක්ෂණයත් නිසි ලෙස භාවිත කිරීමට ඉන්දියාවේ තාක්ෂණවේදීන්ට ඇති හැකියාව පිළිබඳව මෙන්ම බලාගාරය ඉදිකර ඇති ස්ථානය සම්බන්ධයෙන් බරපතළ ගැටලු ගණනාවක් උද්ගත වන බව මෙහිදී පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේය. න්‍යෂ්ඨික බලාගාරය ඉදිකරන්නේ මුහුදු ආශි‍්‍රත අධික සුළි සුළං සහිත එමෙන්ම අලූතින් භූ චලන සහිත කලාපයක් ලෙස හඳුනාගෙන ඇති ස්ථානයක බවද ඔහු පැවසීය.

‘‘න්‍යෂ්ඨික බලාගාරයකින් විය හැකි අනතුරු වර්ග තුනක් තිබෙනවා. පළමු වර්ගය බලාගාරය පිපිරීමෙන් සිදුවෙන අනතුරු. දෙවැනි වර්ගය උණුවී යාම නිසා සිදුවන අනතුරු. තුන්වන වර්ගය විකිරණ කාන්දුවීමකින් වන අනතුරු. පළමු වර්ගයේ අනතුරු මෙතෙක් සිදුවී නැති නිසා එවැනි අනතුරක් සිදු නොවේවි යැයි අපට උපකල්පනය කරන්න පුළුවන්.

ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සිදුවුණේ මොකක්ද? සුනාමි අනතුර නිසා එහි නියුට්‍රෝන විදින අග‍්‍රදෙක ළං වුණා. එවිට එහි උෂ්ණත්වය පාලනය කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා තමයි ෆුකුෂිමා බලාගාරයේ අනතුර සිදුවුණේ. දැඩි සුළි සුළං සහිත ස්ථානයක් වන කූඩන්කුලම්වලත් එවැනිම අනතුරක් සිදුවීමේ අවදානම තිබෙනවා.

දැන් ඉන්දු-මැලේසියන් භූ කම්පන කලාපය නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා භූ කම්පන නිසා එවැනි අනතුරු සිදු වෙන්න පුළුවන්.’’ යැයිද පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ලොව වැඩිපුරම සිදුවී ඇත්තේ විකිරණ කාන්දුවීම් බව පෙන්වා දුන් ඔහු එහෙත් එවැනි විකිරණ කාන්දුවීමක් සිදුවන බවට මීට පෙර කිසිදු අවස්ථාවක පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර නැතැයිද පෙන්වා දුන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතැයි පැවසෙන යුරෝපා රටවලදී පවා එවැනි අනතුරු ඇඟවීම් සිදු නොකළ බවත් විකිරණ කාන්දුවීම් සිදුවන බව හඳුනා ගත්තේ ලංකාවට ආනයනය කරන කිරිපිටි ඇතුළු ආහාරවල විකිරණ සාන්ද්‍රණයේ තිබූ වෙනස්කම් හඳුනා ගැනීමෙන් පසුව බවත් ඔහු පැවසීය. විනිවිදභාවය අඩුම රාජ්‍යයක් වන ඉන්දියාවෙන් එවැනි අනතුරු ඇඟවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවද පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේය.

‘‘විකිරණ කාන්දුවීමක් සිදු වුණොත් මෝසම් සුළං මගින් ලංකාවට එය පැතිරෙන්න පුළුවන්. ඒ වගේම ඉතාම අනතුරුදායක තත්ත්වයට පත්වන්නේ මුහුද. මුහුදේ ඇති අයඩීන් විකිරණශීලි අයඩීන් බවට පත්වෙලා එම විකිරණ මසුන් හරහා ලංකාවේ සියලූම ප‍්‍රදේශවල පැතිරෙන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ සිට ලංකාවට එන කුරුල්ලන් මගින් විකිරණ ලංකාවට එන්න පුළුවන්. යාපනයේ වෙඩිතලතිව් ප‍්‍රදේශයට පමණක් ඉන්දියාවේ සිට මිලියන 1.3ක් පක්ෂීන් පැමිණ තිබෙනවා. ඒ නිසා මෙය ඉතාමත්ම අවදානම් සහගතයි. ඒ වගේම ඉන්දියාවේ සිට ගෙන්වන, ආහාර, පළතුරු සහ ඖෂධ හරහා විකිරණ එන්න පුළුවන්. ලංකාවට වැඩිපුරම ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්’’ යැයිද ඔහු සඳහන් කළේය.

මෙවැනි බලාගාර ඉදිකරන විට එම රාජ්‍යය අසල්වැසි රටවලට තමන් භාවිත කරන පරමාණු සමස්තානිකය පිළිබඳව, ක‍්‍රමවේදය පිළිබඳව ඇතුළු තොරතුරු ලබාදිය යුතු වුවත් ඉන්දියාව තවමත් ජාත්‍යන්තර පරමානුක බලශක්ති අධිකාරියටවත් දැනුම් දී නැත. ඉන්දියාව එලෙස සැඟවී කටයුතු කරන්නේ නිසි ආරක්ෂක ක‍්‍රමවේද, සිසිලන ක‍්‍රමවේද අනුගමනය නොකරන නිසා බවද පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේය.

‘‘ලෝකේ තියෙන හැම කුණු ගොඩක් ගැනම කතා කරන කැබිනට් මාධ්‍ය හමුවේදීවත් මේ ගැන කිසිවක් සඳහන් කළේ නැහැ. පසුගිය 18 වැනිදා ඉන්දියාට ගිය ලංකාවේ නියෝජිතයින් ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ ගිවිසුම. අඩුම තරමේ එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. ඒ වගේම ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා, 2010 සිට ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා සිදුවෙනවා කියලා. මොනවාද ඒ සාකච්ඡා? ඒ සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා මොනවාද? මේ ගැන ආණ්ඩුව පැහැදිළි ප‍්‍රකාශයක් කළ යුතුයි. ඒ වගේම පසුගිය 15 වැනිදා චම්පික රණවක ඇමතිවරයා පැවසුවා, ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කර තිබෙන න්‍යෂ්ඨික සහයෝගීතා ගිවිසුම ඉන්දියාව කඩකරමින් සිටින බව. මොකක්ද ඒ ගිවිසුම?

ආණ්ඩුව දැන් සූදානම් වන්නේ න්‍යෂ්ඨීක අනතුරක් සිදු වුණොත් වන්දි ලබා ගැනීමේ ගිවිසුමකට එකඟ වෙන්න. බලාගාරයේ පිපිරීමක් සිදුවුණොත් මිලියන ගණනක් ජනතාව මිය යනවා. එතකොට කාටද වන්දි ගෙවන්නේ? ඒ වගේම විකිරණ කාන්දුවක් සිදුවුණොත් ඉන් සිදු වෙන්නේ සිරුරේ විවිධ ප‍්‍රදේශවල පිළිකා ඇතිවන එක. එතකොට ඒකට ඉන්දියාවෙන් වන්දි ගන්න විදියක් නැහැ.

ඒ නිසා චම්පික රණවකගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව නිශ්චිත පිළිතුරක් දිය යුතුයි. ලංකාවේ පරමානු බලශක්ති අධිකාරිය මෙම බලාගාරයෙන් ලංකාවට අනතුරක් නැහැ කියලා නිවේදනයක් නිකුත් කර තිබෙනවා, එම නිවේදනය නිකුත් කළේ කවර දත්ත මත පදනම්වද කියා හෙළි කළ යුතුයි. පසුගිය 18 වැනිදා ඉන්දියාවට ගිය නියෝජිතයින් සාකච්ඡා කළේ මොනවාද? ඇතිකර ගත් එකඟතා මොනවාද කියා හෙළි කළ යුතුයි.

ආණ්ඩුව මෙතෙක් ගත යුතු රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාමාර්ග කිසිවක් අනුගමනය කර නැහැ. ආණ්ඩුව මීට මැදිහත් නොවන නිසා ජන අරගල ව්‍යාපාරය මීට විරුද්ධව දැවැන්ත මහජන මතයක් නිර්මාණය කරන්න තීරණය කර තිබෙනවා. ඒ සඳහා සියලුම පරිසර සංවිධාන, ප‍්‍රජාසංවිධාන, මානව හිමිකම් සංවිධාන එකතු කර ගෙන දැවැන්ත මහජන මතයක් ගොඩනගන්න පියවර ගන්නවා. අපි ඊයේ (21) එම සංවිධාන සමග සාකච්ඡා කළා. ලබන සතියේ නැවත සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ වගේම ලබන 26 වැනිදා යාපනයේත් 30 වැනිදා පුත්තලම, අනුරාධපුර, ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවලත් ජනතාව දැනුවත් කරන්න පියවර ගන්නවා.’’

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්