
තමිල්නාඩුවේ සංචාරයේ යෙදුණු ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක‍් රැගෙන ඉන්දියාවේ ට්‍රිචී ගුවන්තොටුපළ වෙත ගමන් ගත් බස් රථ 5 ට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
මේ අතර අද (04) පෙරවරුවේ එලෙස ගමන් ගත් බස් රථ 7 ක් අවහිර කිරීමට තැත් කළ ඉන්දියානුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාළ පිරිස අද (04) පෙරවරුවේ නාගම්පට්ටිගම්හි වේලකන්නි කතෝලික සිද්ධස්ථානයට ගොස් වැඳ පුදා ගෙන නැවත පැමිණීමට සැරසීමේ දී එය අවහිර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
එහිදී ඉන්දියානු පොලීසිය විසින් අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
184 දෙනෙකුගෙන් සමන්විත එම පිරිසේ කාන්තාවන් 75 දෙනෙකු සහ ළමුන් 36 දෙනෙකු වන බව සඳහන්ය.
මේ අතර මෙම ප්‍රහාරය එල්.ටී.ටි.ඊ හිතවාදීන් විසින් සිදුකළ එකක් බවත් ඉන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා පවසයි.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.



















































