
අද (07) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, සපුගස්කන්ද සහ බත්තල විදුලි බලාගාරයන්ට දැවි තෙල් සැපයීමේ ප්‍රමාද දෝශයක් හේතුවෙන් මෙලෙස විදුලි බලය අත්හිටුවන බවය.
කෙසේවෙතත් අදාළ විදුලි බලාගාර සදහා දැවි තෙල් මෙට්‍රික් ටොන් 5,000 බැගින් සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකගතාව පළකර ඇති බව හෙතෙම කියා සිටියේය.
අදාළ ඉන්ධන තොගය අද රාත්‍රිය වන විට ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා විදුලි බල මණ්ඩල ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලාගාරවලට අවශ්‍ය කරන දැවි තෙල් නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් හා කුකුළේ ගඟ බලාගාරයේ යන්ත්‍ර දෙකක් බිඳවැටීම හේතුවෙන් ඊයේ (06) ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක් පමණ අහිමි වුණි.
මේ හේතුවෙන් ඊයේ රාත්‍රීයේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම කඩින් කඩ පැය 02 පමණ කාලයක් ඇණහිට තිබුණි.
දෛනික විදුලි ඉල්ලුම ඉහළයාම හා විදුලි බලාගාරවල සිදුවන පද්ධති බිදවැටීම් හේතුවෙන් අද දිනයේදීත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ, සාමාන්‍යාධිකාරී, එම්.ආර්.රණතුංග මහතා මෙලෙස අදහස් දැක්වීය.
"අපි ඛනිජ තෙල් සංස්ථාවට ඉල්ලීම් කරලා තියෙනවා පුළුවන් නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සපයන්න කියලා අපිට එතකොට සපුගස්කන්ද තියෙන යන්ත්‍රවලට ඒ තෙල්වලින් අපිට පුළුවන් වේවි අවශ්‍ය විදුලි උත්පාදනය කරගෙන යන්න. අද දිනය ඇතුළත අපිට ඒ ටික ලැබුණොත් විදුලිය කැපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ."

















































