header logo
SLIC
උණුසුම් පුවත්
කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්
May 08, 202106:47 PM
කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්
Mobitel 1278

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ රෝගී සත්කාර සේවා පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවය.

"නිවෙස්වල රෝගීන් යම්කිසි ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන් උග්‍ර රෝග ලක්ෂණ නොමැති රෝගීන්. ඔවුන්ට රෝහල්වල පහසුකම් ලබාදීම සඳහා අපි කඩිනමින් කටයුතු යොදාගෙන යනවා. ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය වුණොත් විශේෂ රෝග ලක්ෂණ නොමැති ආබාධවලින් පෙළෙන්නේ නැති රෝගීන්ට දිගටම නිවසේ සිට ප්‍රතිකාර ලබාගන්නත් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් පමණක් රෝහලකට පැමිණෙන්න පුළුවන් ද කියන කාරණය පිළිබඳව අපි මේ වෙනකොට සලකා බලමින් යනවා. ගැබිණි මව්වරුන්ට සුදුසු එන්නතක් ගැනත් අපි සාකච්ඡා කරමින් යනවා."

මේ අතර මෙරට සියලු වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරන ආයතන එක්ව කොවිඩ් -19 වසංගතය පැතිර යෑමේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව එක්ව ලිඛිතව මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොවිඩ් වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා නිර්දේශ 7 ක් පිළිබඳව ඔවුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර ඇත.

එහි දැක්වෙන්නේ,

කොවිඩ් පාලනය කිරීම සඳහා රජයේ අතිවිශෙෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි දැඩි අධීක්ෂණයක් යටතේ අකුරටම ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම

ආසාදිත පුද්ගල ඝණත්වය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව ඇතැම් ප්‍රදේශ අගුලු දැමීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යෑම පෙන්වාදෙන අවස්ථාවල දිස්ත්‍රික් අතර ජනතා සංචරණය සීමා කිරීම, එම නිර්දේශවලට ඇතුලත්ය.

තවද,

සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සමීප සහ දැඩි අධීක්ෂණය යටතේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් සිය නිවෙස්වලම හුදකලා කිරීම.

එම පවුල්වල සාමාජිකයින් නිවසේදීම නිරෝධායනය කිරීම.

ඇඳන්, ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක පහසුකම් ආදිය ප්‍රමාණවත් ලෙස සකසමින් ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීම.

පී.සී.ආර් පරීක්ෂණ සහිතව කොවිඩ් -19 රෝග නිවාරණය සඳහා දිවයින පුරා රසායනාගාර සේවා ශක්තිමත් කිරීම. යන කරුණු ද අදාල වෛද්‍ය වෘත්තිකයින් විසින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම, හැකි ඉක්මණින් රට පුරා ප්‍රමාණවත් ආවරණයකින් යුක්තව නිසි එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

වහාම මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවුණහොත් නුදුරු අනාගතයේදීම පොදු ජනතාව වඩාත් බරපතළ හා කල්පවත්නා දුෂ්කරතාවලට ලක්වීමට සිදුවනු ඇති බවටද වෛද්‍ය වෘත්තිකයින් විසින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව