header logo
SLIC
උණුසුම් පුවත්
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 708ක් දක්වා ඉහළට
Oct 06, 202006:14 PM
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 708ක් දක්වා ඉහළට
EDEX

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 කි.

ඒ අනුව, අද දිනය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 605 දෙනකු හඳුනා ගැනුණු අතර එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි.

ඉන් පළමු ආසාදිතයින් ලෙස හඳුනාගැනුණේ ඇඟලුම් ආයතනයේ සේවය කළ දිවුලපිටියේ කාන්තාව සහ ඇගේ දියණියයි.

https://youtu.be/26OOCIr01XA
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight