ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

March 30, 2020   03:46 pm

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබෙනන්නේ නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.

මේ වන විට රෝගීන් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 107 කි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව තවත් 104 දෙනෙකු සිටියි.

ඊයේ අලුතින් ආසාදිතයින් අතරින් සිවි දෙනෙක් වර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර අනෙක් ආසාදිතයා වර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්ය.