හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
March 12, 2020 10:04 pm
කොරෝනා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට රැවටී අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට සුළුවෙලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ ඉල්ලීම සිදු කළේය.
යුද හමුදාපතිවරයා පවසා සිටියේ, මේ වන විට මහ ජනතාව විසින් සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැල් වෙත ගොස් විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ කරන බව වාර්තා වන බවයි.
මෙලෙස විශාල වශයෙන් පුද්ගලයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමෙදී අදාළ සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැලවල්වල භාණ්ඩ අවසන් වන බවත් එවිට රට තුළ භණ්ඩ හිඟයක් ඇතිවන බවට සිතෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙයින් පෙනී යන්නේ රටේ මහජනතාව අනවශ්‍ය තැති ගැන්වීමට ලක්ව වී ඇති බවත් මේ පළිබඳ ජනධිපතිවරයා විසින් මහජනතාවට දැනුම් දෙන ලෙසත් තමාගෙන් ඉල්ලා සිටි බව හමුදාපතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.
“රට තුළ භණ්ඩ හිඟයක් එන්න හේතුවක් නෑ. කවුරුන් හෝ කියලා තියෙනවා නිවෙස්වල නිරෝධායන කටයුත්තකට යොදවනවා කියලා. එවැනි දෙයක් හින්දා වෙන්න පුළුවන්. රජය තාම එලෙස තීරණයක් අගෙන නෑ“
