සැක සහිත ලොරිය හමුවෙයි-ෂැංග්‍රිලා හෝටල් ප්‍රහාරයට පැමිණි බෝම්බකරුවෙකුගේ බවට තහවුරු වෙයි

සැක සහිත ලොරිය හමුවෙයි-ෂැංග්‍රිලා හෝටල් ප්‍රහාරයට පැමිණි බෝම්බකරුවෙකුගේ බවට තහවුරු වෙයි

April 25, 2019   06:58 pm

බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අවශ්‍යව තිබු සැක සහිත ලොරි රථයක් වත්තල නායකන්ද ප්‍රදේශයේදී පොලිස් බාරයට ගෙන තිබේ.

අංක WP-DAE 4197 දරන එම ලොරි රථය පොලිස් බාරයට ගෙන ඇත්තේ ඊයේ දහවල් කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලට අනුවයි.

ලොරි රථයේ හිමිකරු බව කියන පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරාගෙන මියගිය මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ නමින් එම ලොරිය ලියාපදිංචි කර තිබේ.

 ලොරියේ දැනට හිමිකරු බව කියන පුද්ගලයා විසින් එම ලොරිය කල්බදු ක්‍රමයට ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.