අත්අඩංගුවට ගත් රංජිත් සොයිසා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රංජිත් සොයිසා රිමාන්ඩ්

December 20, 2018   04:58 pm

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබූ බවයි.

ඒ අනුව අද(20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.