නටබුන් මතුවෙන කලුගඟ ජලාශය...
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ පිහිටි "කළු ගඟ ජලාශය" මේ දිනවල පවතින වියළි කාළගුණය හමුවේ ජලය අඩුවෙමින් පවතී.
කළුගඟ ජලාශය ඉදිකිරීමේදි ඒ වෙනුවෙන් නිවාස, ඉඩම්, දේපල විශාල ප්‍රමාණයක් මහා ජල කඳට යටවූ අතර මෙලෙස ජලය අඩුවීමත් සමඟ ජලයට යටව තිබූ පැරණි පල්ලේගම ප්‍රදේශයේ නිවාස සහ දේපල ජලයෙන් උඩට මතුවෙමින් තිබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.