Prev Next Go to Home Share on Facebook
Responsive image

ජනපති සහ UN මහලේකම් අතර හමුවක්

ජනපති සහ UN මහලේකම් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වනවිට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මහලේකම්වරයා, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කළේය.