සුබ පැතුම...
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) ආරම්භ කෙරුණි.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණි අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණි.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙටි පිළිසඳරක නිරතවී සිටි අයුරුය.