ජීවිතයක් රැකුමට ලේ බිඳක්...
හැටන් කුඩාගම පිහිටි ආර්ගිල් සංචාරක හෝටලයේ සුබ සාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර අද (02) දින මෙලෙස එම සංචාරක හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරී අයන්ත ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සිදුකළ අතර, ලේ දන්දීමේ කඳවුර සඳහා ප්‍රදේශයේ රුධිර පරිත්‍යාගශිලීන් විශාල පිරිසක් සහභාගී විය.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ