වර්ජනය...
සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකරන වැඩවර්ජනය හේතුවෙන් අද (02) දිනයේ වව්නියාව රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් අපහසුතාවයට පත්ව ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
ඹෟෂධවේදීන්, රසායනාගාර සේවකයින් ඇතුළු සෞඛ්‍ය සේවා රැසක කටයුතු අඬාලව තිබීම හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්ව තිබූ බව වාර්තා වෙයි.
අද උදෑසන 6.30 සිට රෝහල් 10ක පැය 4ක කාලයක් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
(ඡායාරූප - මාධව කුලසූරිය)