ඉන්දු-ඉන්දුනීසියානු සබඳතා ගැන විශේෂ සාකච්ඡාවක් 
සයුරෙන් එතෙර

ඉන්දු-ඉන්දුනීසියානු සබඳතා ගැන විශේෂ සාකච්ඡාවක් 

June 8, 2026   03:13 pm

ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙරට අතර පුළුල් මට්ටමේ සාකච්ඡා වටයක් පවත්වා තිබේ.

නවදිල්ලි නුවරදී පැවැත්වුණු මෙම 8 වැනි ඉන්දු-ඉන්දුනීසියානු ඒකාබද්ධ  රැස්වීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ලබන මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිදුකිරීමට නියමිත සංචාරයට පෙර මෙම රැස්වීම පැවැත්වීම හේතුවෙන් මෙයට සුවිශේෂී වැදගත්කමක් හිමිවී තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් තෙදින සංචාරයක නිරත වීමට නියමිතය. 

මෙම සංචාරය ඉන්දියාව ඉන්දු-පැසිෆික් කලාපය සමඟ පවත්වන සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

එහිදී ආරක්ෂක හා යුදමය සහයෝගීතාව, සාගර කටයුතු, වෙළඳාම සහ ආයෝජන, ඖෂධ සහ සෞඛ්‍ය සේවා, ඩිජිටල් යටිතල පහසුකම්, බලශක්තිය සහ සන්නිවේදනය, අභ්‍යවකාශ තාක්ෂණය, අධ්‍යාපනය සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙයි.