සයුරෙන් එතෙර
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්රේනයේ පුද්ගලයින් 4ක් මරුට
May 24, 2026 04:40 pm
රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර වලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, රුසියාව විසින් යුක්රේනය වෙත දිගින් දිගටම දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව සඳහන් වෙයි.
යුක්රේනයේ කියෙව් හී ස්ථාන 50කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල වී ඇති අතර ගොඩනැගිලි, ආරක්ෂක ස්ථාන සහ පාසල් විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇත.
මේ වන විට මිසයිල 90ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ එල්ලවී ඇති බව යුක්රේන හමුදා පවසා තිබේ.
