සයුරෙන් එතෙර
පළුදු වුණු සබඳතා යළි ගොඩනගා ගැනීමට ආ ගමන
May 24, 2026 01:34 pm
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කර තිබේ.
ඒ අනුව ඔහු කොල්කටා වෙත ළඟාවූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
වසර 14 කට පසු අමෙරිකානු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එම නගරයට පැමිණි පළමු අවස්ථාව මෙය බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම සංචාරය දෙරට අතර පළුදු වූ ද්විපාර්ශ්වික සබඳතා යළි ගොඩනගා ගැනීම සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සිව්දින ඉන්දීය සංචාරයක සමාරම්භක අදියර වෙයි.
කොල්කටා වෙත පා තැබූ අවසන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වූයේ හිලරි ක්ලින්ටන් ය. ඒ 2012 මැයි මාසයේදීය.
රූබියෝගේ මෙම පළමු නිල ඉන්දීය සංචාරය වෙළඳාම, තාක්ෂණය, ආරක්ෂක, බලශක්ති සුරක්ෂිතතාව සහ ඉන්දු-පැසිෆික් උපාය මාර්ග වැනි ක්ෂේත්රවල වොෂින්ටනය සහ නව දිල්ලිය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකෙයි.
නව දිල්ලියේ පැවැත්වීමට නියමිත QUAD විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමටද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහභාගී වනු ඇති.
