කුවේට් බලධාරීන් සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් 
සයුරෙන් එතෙර

කුවේට් බලධාරීන් සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් 

April 28, 2026   08:35 am

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින තත්ත්වය සහ විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අංශය මුහුණ දෙන අභියෝග පිළිබඳව කුවේට් සිවිල් ගුවන් සේවා පොදු අධිකාරියේ අධ්‍යක්ෂවරයා සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.

කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම ඉහළ මට්ටමේ හමුවෙන් පසු තීරණ කිහිපයකට එළඹ තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

පසුගියදා එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසුව ගුවන්තොටුපළේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම, ගුවන් සේවාවලට සහායවීම සහ කුවේටය කලාපීය ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් ප්‍රවාහන පරිසරය සංවර්ධනය කිරීමේ මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමුවී තිබේ.