යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට
March 15, 2026 11:19 am
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගය සඳහා ක්‍රීඩා කරන ඉරාක කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙය කල් දමන ලෙස කණ්ඩායම් පුහුණුකරු ග්රැහැම් ආර්නෝල්ඩ් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඉරාක කණ්ඩායම මාර්තු 31 වන දින මොන්ටෙරේහිදී බොලිවියාව හෝ සුරිනේම් කණ්ඩායම සමඟ තරග කරනු ඇත.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
