සයුරෙන් එතෙර
කරච්චි සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
February 20, 2026 05:40 pm
පාකිස්තානයේ කරච්චි හිදී මහල් නිවාස ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමෙන් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානයේ විශාලතම වරාය නගරය වන කරච්චි හිදී මහල් නිවාස ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුවී තිබූ අතර ඉන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති බවය.
සින්ද් පළාතේ අගනුවර වන කරච්චි හිදී රාමසාන් ආරම්භයත් සමග ජනතාව අළුයම ආහාර පිළියෙළ කරමින් සිටියදී මෙම පිපිරීම සිදුවී ඇති බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියෙකු පවසා තිබේ.
