ඉන්දියාවට ලකුණු 29ක ජයක්
February 7, 2026 10:44 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමඟ පැවැති තරගය ලකුණු 29 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද (07) සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 161කි.
එහිදී සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 84ක් සහ තිලක් වර්මා ලකුණු 25ක් ලබාගත්තහ.
අබිශේක් ශර්මා, රින්කු සිං, ශිවම් ඩියුබ් සහ හර්දික් පාණ්ඩ්‍යා යන ක්‍රීඩකයින් ලකුණු 10කට අඩුවෙන් දැවී ගියහ.
පන්දුයැවීමේදී Shadley van Schalkwyk කඩුලු තුනක් බිඳහෙළුවේය.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 132 ක් පමණය.
එහිදී සංජෙයි ක්‍රිෂ්ණමූර්ති ලකුණු 37ක් සහ මිලින්ද් කුමාර් ලකුණු 34ක් රැස්කළහ.
පන්දුයැවීමේදී හර්දීප් සිං, අක්ෂර් පටේල් සහ මොහොමඩ් සිරාජ් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් විය.
