ඔස්ට්‍රේලියාවට අමිහිරි පරාජයක් 

ඔස්ට්‍රේලියාවට අමිහිරි පරාජයක් 

January 31, 2026   08:45 pm

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 90කින් ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත් විය. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198කි. 

එහිදී නායක සල්මන් අග්හා ලකුණු 76ක් සහ උස්මන් ඛාන් ලකුණු 53ක් ලබාගත්තහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 15.4ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණය. 

එහිදී කැමරන් ග්‍රීන් ලකුණු 35ක් රැස්කරගත්තේය. 

පන්දුයැවීමේදී අබ්රාර් අහමඩ් සහ ශබ්දාබ් ඛාන් කඩුලු 03 බැගින් බිඳහෙළුහ. 

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.