සයුරෙන් එතෙර

ඉන්දු - අමෙරිකා වෙළෙඳ ගිවිසුම කඩිනමින්

July 17, 2025   08:18 pm

අමෙරිකාව සහ ඉන්දියාව වෙළෙඳ ගිවිසුමකට එකඟවීම ආසන්න වී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ අවසන් එකඟතාවක් සඳහා දෙරට අතර සාකච්ඡා මේ වනවිටත් සිදුවෙමින් පවතින බවය.

සාකච්ඡා තවමත් පැවැත්වෙන බැවින් එය අවසන් වූ වහාම ඉන්දියාව සමග එකඟතාවකට පැමිණෙන බවද ට්‍රම්ප් පෙන්වාදෙයි.

මෙම සාකච්ඡා සඳහා ඉන්දීය රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අමෙරිකාවට පැමිණ තිබේ.

අනෙකුත් රටවලට සාපේක්ෂව මතුවිය හැකි තීරුබදු වෙනස්කම් සමීපව නිරීක්ෂණය කරන බව ඔවුන් සඳහන් කරයි.