කෙවින් පීටර්සන්ට උපදේශක තනතුරක්
February 27, 2025 03:55 pm
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන කෙවින් පීටර්සන් එළැඹෙන 'IPL-2025' තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උපදේශක (mentor) ලෙස පත් කර ඇත.
උපතින් දකුණු අප්‍රිකානුවෙකු වන පීටර්සන් ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 යන ත්‍රිත්ව ආකෘතිය යටතේම එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්ය.
මේ වනවිට 44 වියෙහි පසුවන පීටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ලකුණු 13,000කට වැඩියෙන් රැස්කර තිබුණි.
එහි ශතක 32ක්, අර්ධ ශතක 67ක් ඇතුළත්විය.
දිල්ලි කැපිටලස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමාං බදානි කටයුතු කරන අතර, සහකාර පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ මැතිව් මොට්ය.
ඊට අමතරව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුනාෆ් පටෙල්ද, ක්‍රිකට් අධ්යක්ෂ ලෙස වෙනුගෝපාල් රාඕද කටයුතු කරයි.