සයුරෙන් එතෙර

මෝදි පිළිගැනීමට ප්‍රංශය සූදානම් 

February 8, 2025   09:17 am

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරයට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 10 වනදා ප්‍රංශය වෙත පැමිණීමට නියමිතය.

අගමැති මෝදිගේ ප්‍රංශ සංචාරය තුළ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.