header logo
SLIC
උණුසුම් පුවත්
තිස්ස කුට්ටිආරච්චිගේ පෙත්සම ඉවතට
Mar 18, 201005:34 PM
තිස්ස කුට්ටිආරච්චිගේ පෙත්සම ඉවතට
EDEX

මොණරාගල දිස්ත‍්‍රික්කයට එජාපෙ ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළු කරන ලෙසත්, එසේ නොමැති නම් එම නාම යෝජනා ලැයිස්තුව අවලංගු කරන ලෙසත් ඉල්ලමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පිළිගත් නාමයෝජනා ලැයිස්තුවකට ඇතුළත් නොවූ නමක් ඇතුළත් කිරීමට නොහැකි අතර පිළිගත් නාමයෝජනා ලැයිස්තුවක් අවලංගු කළ නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහිදී තීරණය කරන ලදී.

අදාළ නාම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු විරෝධතා ගොනු කිරිම සඳහා ලබා දෙන පැයක පමණ කාලය තුළ විරෝධතාවයක් ගොනු නොකෙරුණු හෙයින් එය අවලංගු කළ නොහැකි බව සඳහන් කෙරිණි.

ශිරානි බණ්ඩාරණායක, චන්ද්‍රා ඒකනායක සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම අද සිදුවිය.

එජාප මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනල් පෙරේරා මහතා නාමයෝජනා ලැයිස්තුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කොට ව්‍යාජ අත්සන් යොදා වෙනත් නමක් ඇතුළත් කර ඇති වග බව පිළිගන්නා ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight