22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

August 18, 2026   01:38 pm

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) පළමු පෙත්සම ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිදු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.