කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන විමර්ශනයක් 

කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන විමර්ශනයක් 

August 7, 2026   07:30 pm

කුරුවිට බන්ධනාගාරය තුළ හා පල්ලන්සේන එළිමහන් සිරකඳවුර තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි. 

කුරුවිට බන්ධනාගාරය තුළ හා පල්ලන්සේන එළිමහන් සිරකදවුර තුළ අද (07) සිදු වු රැඳවුවන්ගේ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් පාලනය කර තිබේ. 

ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහයෝගය ලබා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනතුරු එම බන්ධනාගාර ආයතනයන්හි ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව යොදවා තර කර ඇත.