header logo
SLIC
උණුසුම් පුවත්
කාලගුණයෙන් රතු නිවේදනයක්
Aug 05, 202610:32 AM
කාලගුණයෙන් රතු නිවේදනයක්
EDEX

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි.60-70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලබයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight