ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

August 3, 2026   05:37 pm

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරින් වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පුද්ගලයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසට සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ගෙන් එම අමාත්‍යාංශය ඉල්ලීමක් සිදු කර තිබේ.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී කඩිනමින් ඔවුන් හඳුනාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසට අදාළ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදෙන ලෙසට එම අමාත්‍යාංශය අවධාරණය කර ඇත. 

එමෙන්ම මෙලෙස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත හෝ ඥාතීන්ගේ නිවාස වෙත යොමු කරන ජනතාවට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටිය හැකිය.