2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ 

2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ 

August 3, 2026   03:28 pm

2026 වසරේ තෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. 

ඒ අනුව සියලු ගැළපීම් කිරීමෙන් අනතුරුව 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සදහා වන පිරිවැය ඉහළ යාම සියයට 0.3 කට (රුපියල් මිලියන 417කට) සීමාවී ඇති බව ඇස්තමේන්තු කළ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ හේතුවෙන් තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුළදී ද බලාත්මක කරනු ලබයි.