ගතවූ පැය 24 තුළ වටවලට මි.මී 200 ඉක්මවූ වැසි
August 3, 2026 10:50 am
අද (03) උදෑසන 6ට අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 200කට අධික වර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ග්‍රාම නිලධාරී වසමට මි.මී 204ක වර්ෂාපතනයක් ලැබී ඇත.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්භාගේ ප්‍රදේශයට මි.මී 172ක් හා නාවලපිටියට මි.මී 153.40ක තද වැසි ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ගතවූ පැය 24 තුළ ලැබුණ වර්ෂාපතනයන් පහතින් දැක්වේ.

