header logo
SLIC
සයුරෙන් එතෙර
ජයිශංකර් - රුබියෝ අතර හමුවක්
Jul 22, 202605:42 PM
ජයිශංකර් - රුබියෝ අතර හමුවක්
EDEX

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර විශේෂ සාකච්ඡාවක් පිලිපීනයේ මැනිලා අගනුවරදී පවත්වා තිබේ.

දෙරට අතර පවතින සමස්ත ගෝලීය උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම වෙළෙඳ කටයුතු, බදු අනුපාත, බලශක්තිය, ආරක්ෂක හා අභ්‍යන්තර ආරක්ෂාව, ඛනිජ ද්‍රව්‍ය මෙන්ම කෘත්‍රිම බුද්ධිය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍රවල ඉදිරි සහයෝගීතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම හමුවෙන් අනතුරුව X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දෙරටටම පොදු උනන්දුවක් සහිත කලාපීය, ගෝලීය සහ බහුපාර්ශ්වික ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවය.

පිලිපීනයේ දෙදින නිල සංචාරයක නිරත වන අමාත්‍ය ජයිශංකර් ASEAN රාමුගත හමුවීම්වලට සහභාගී වීමට මෙන්ම අමෙරිකාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Quad විදේශ අමාත්‍ය හමුවට සහභාගීවීම සඳහා මැනිලා නුවරට පැමිණ තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight