header logo
SLIC
උණුසුම් පුවත්
මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී මාරක අනතුරක්
Jul 22, 202605:33 PM
මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී මාරක අනතුරක්
EDEX

පොළොන්නරුව - මහියංගන ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ.

අද (22) සවස 1ට පමණ මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකරු මෙලෙස මියගොස් ඇති අතර අනතුරින් යතුරුපැදිකරු බරපතළ ලෙස තුවාළ ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ දිඹුලාගල මහඋල්පත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් වන පුද්ගලයෙකු බවද සඳහන් වෙයි.

මරණකරු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.

අනතුරට හේතුව යතුරුපැද‍ිකරුගේ නොසැලකිලිමත් රිය ධාවනය සහ බීමත්ව රිය ධාවනය බවද මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් මෝටර්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මනම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight