FIFA පාපන්දු ලෝක කුසලානයේ කතාව
July 18, 2026 09:54 pm
FIFA පාපන්දු ලෝක කුසලානය කිලෝග්රෑම් 6.1ක බරින් යුත් අතර ඉන් කිලෝග්රෑම් 5.09ක්ම කැරට් 18 රන්වලින් නිමවා තිබේ.
වත්මන් පාපන්දු ලෝක කුසලානය 1970 වසරින් පසු දිගටම භාවිතයට ගන්නා අතර එය සුරිච්හි කෞතුකාගාරයක තැන්පත් කර ඇත. ජයග්රාහී රටට වෙනම කුසලානයක් තනා දෙනු ලැබේ.
1970 පෙර පැවති කුසලානය ඉන් පෙර පළමුවරට තෙවතාවක් ජයග්රහණය කළ බ්රසීලයට භාරදී තිබූ නමුත් රියෝ ද ජැනීරෝ කෞතුකාගාරය සොරුන් බිඳ එය රැගෙන ගොස් තිබුණි.
වත්මන් ලෝක කුසලානය අත්වැසුම් රහිතව ස්පර්ශ කළ හැක්කේ ජයග්රාහී කණ්ඩායමට සහ FIFA සභාපතිවරයාට පමණය.
මේ වන විට බ්රසීලය පස් වතාවක්, ඉතාලිය සිව්වතාවක්, ආර්ජන්ටිනාව සහ බටහිර ජර්මනිය තෙවතාව බැගින් ද පාපන්දු ලෝක කුසලානය දිනා ඇත. පසුගියවර ශූරයින් වූයේ ආර්ජන්ටිනා කණ්ඩාමය.
හෙට (19) පැවැත්වෙන 2026 වසරේ පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහා තරගයට ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය සුදුසුකම් ලබා සිටිති. පාපන්දු ලෝක කුසලානය වසර 96ක් පැරැණිය.
