කොළඹ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ ඉල්ලා අස්වෙයි 

කොළඹ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ ඉල්ලා අස්වෙයි 

July 13, 2026   10:05 pm

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

මන්ත්‍රීධුරය භාරගැනීමේදී වසරකින් අනතුරුව ඉන් ඉල්ලාඅස්වන බවට වූ පොරොන්දුවක් මත ඇය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. 

මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' දීපා එදිරිසිංහ මහත්මියගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය ප්‍රකාශ කළේ, ධුරයෙන් ඉල්ලා අස්වූවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කටයුතුවල අඛණ්ඩව රැඳි සිටින බවය.

කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවට ඉදිරියේදී නව සභිකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කිරීමට නියමිතය. 

ඉන් අනතුරුව අදාළ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. 

මීට පෙර ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළ මෙවැනි ආකාරයේ ඉල්ලා අස්වීම් සිදුවී ඇති බවත් මෙය ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බවටත් තොරතුරු වාර්තා වෙයි.