ජිත්මා විජේතුංගට මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් 

ජිත්මා විජේතුංගට මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් 

July 11, 2026   08:52 pm

චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත්ව තිබේ. 

ඒ තරගය තත්පර 53.10කින් අවසන් කරමිනි. 

මෙය ජිත්මා විජේතුංගගේ හොඳම පෞද්ගලික තරග කාලයවීමත් විශේෂත්වයකි. 

මේ අතර අදාළ තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්විය.

ඒ සඳහා ඔහු ගත කළ තත්පර 49.03කි.