ස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක්
June 21, 2026 08:47 am
2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.
තරග ආරම්භයේ සිට දැඩි ආක්රමණශීලි ක්රීඩා විලාශයක් පෙන්නුම් කළ නෙදර්ලන්තය පළමු අර්ධයේ පස් වන විනාඩියේදී සිය පළමු ගෝලය වාර්තා කළේය.
ඉන් අනතුරුව 17, 47, 54 සහ 89 යන විනාඩිවලදී තවත් ගෝල හතරක් ලබාගැනීමට නෙදර්ලන්තය සමත්විය.
ස්වීඩනය වෙනුවෙන් 59 වන විනාඩියේදී ඇන්තනි එලංගා ගෝලයක් ලබාගත්තේය.
