ගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි 

ගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි 

June 14, 2026   11:54 am

2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තුර්කිය සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

තරගයේ 27 වන විනාඩියේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු ගෝලය Nestory Irankunda ලබාගත්තේය. 

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම 75 වන විනාඩියේදී සිය දෙවන ගෝලය වාර්තා කළහ. 

ඒ අනුව මෙම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජය ගන්නා ලදී.

මෙම ජයග්‍රහණයත් සමග D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැමිණ ඇති අතර එහි ප්‍රථම ස්ථානයේ  අමෙරිකානු කණ්ඩායම පසුවෙයි.