කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරයි 

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරයි 

June 14, 2026   06:21 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ඒ අනුව කණ්ඩායම් නායක ශායි හෝප් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය ක‌ළේය. 

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දුනිත් වෙල්ලලා‌ගේ සහ කමිල් කමිෂාර කණ්ඩායමට කැඳවා ඇත. 

දෙරට අතර පැවති පළමු තරගය කඩුලු 07කින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනු ලැබීය.