මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ
June 11, 2026 10:27 am
මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි.
ඊයේ (10) පෝෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනට සමගාමීව බදුල්ල ශික්ෂණ රෝහලේ පැවති දැනුවත්කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කරන්නට විය.
මේ අතර මන්දපෝෂණය පමණක් නොව අධිපෝෂණය එනම් අනවශ්‍ය විදියට බර වැඩිවීම යන කාරණාවද මෙම පළත තුළ වැඩි වශයෙන් පවතින බවද වෛද්‍යවරිය පවසන්නට විය.
එයට හේතුව ලෙස ඇය පවසන්නේ මිනිසුන්ගේ දැනුම් මට්ටමේ අඩු බව ලෙස එතුමිය පවසන්නට විය.
