දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

June 9, 2026   10:54 pm

දුම්රිය නියාමක සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.

එම සංගමය සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන බවට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට (10) දිනයේ මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, මගී ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය නියාමක සංගමය පවසයි

කෙසේ වෙතත්, දුම්රිය නියාමක සංගමය බඩු ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.