නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
June 9, 2026 04:25 pm
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවාකාලය නිමකර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා අද (09) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම සමුගැනීමේ නිල හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සහ ආචාර්ය පාණ්ඩේ මහතා අදහස් හුවමාරු කර ගත්හ.
ආචාර්ය පාණ්ඩේ මහතා සිය ධූර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය මෙහිදී ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ද, ලේකම්වරයා සුබ පැතුම් පිරිනමන ලදී.
