පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

June 9, 2026   09:31 am

අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. 

අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේදී මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන පනත යටතේ වන නියමයන් අනුමත කරගැනීමට නියමිතව ඇත.

ඊට අමතරව නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ වූ තීරණයක්ද අද විවාදයට ගැනීමට නියමිත අතර මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටද නියමිතය.