සුරේෂ් සලේගේ මෝසම කැඳවයි 

සුරේෂ් සලේගේ මෝසම කැඳවයි 

June 4, 2026   03:40 pm

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වනදා ප්‍රකාශයට පත්වන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලුවේය. 

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.