මුදල් අච්චු ගැසීම රු. ට්‍රිලියන 2.1 පනී - කීර්ති තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

මුදල් අච්චු ගැසීම රු. ට්‍රිලියන 2.1 පනී - කීර්ති තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

May 24, 2026   05:40 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (මුදල් අච්චු ගැසීම) රුපියල් ට්‍රිලියන 2.1 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 

මේ හේතුවෙන් පසුගිය මාස 17ක කාලය තුළ පමණක් සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 303,956කින් ඉහළ ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (24) මේ බව අනාවරණය කළේය.

මුදල් සැපයුම ඉහළ ගිය අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක (2025 මාර්තු 28 සහ 2026 මැයි 22) දත්ත විශ්ලේෂණය කරමින් එම නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයට අනුව 2025 ජනවාරි වනවිට ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම රු. බිලියන 14,439.1ක් වන අතර, එය 2026 මාර්තු වනවිට රු. බිලියන 16,585.7ක් දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව පසුගිය මාස 15 තුළ පමණක් රුපියල් බිලියන 2,146.1කින් (ට්‍රිලියන 2.1 කින්) මුදල් සැපයුම ප්‍රසාරණය වී තිබෙන බව නිවේදනයේ දැක්වේ.

පසුගිය මාස 15 තුළ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) හෙවත් තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම මගින් මහ බැංකුව මුදල් මැවීම සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන්ද ඔහු මෙහි හෙළිදරව්වක් සිදුකර තිබේ.

'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' නිකුත්කළ නිවේදනය පහතින්,

2026 මැයි 24 මුදල් අච්චු ගැසීම පුවත්පත් නිවේදනය by poornima